ගුවන් ගමන් පාලකවරුන් රට හැරයාම හේතුවෙන් සිය සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති තිසර අමරනන්ද නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ගුවන් ගමන් පාලකවරුන් 138කගේ අවශ්‍යතාවක් පැවතියද මේවනවිට රාජකාරී සිදු කරනු ලබන්නේ 80 දෙනෙකු පමණක් බවයි.
පවතින ගැටලුවට විසඳුම් ලබා නොදුනහොත් සිය සේවාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් ආදායමද අහිමි වනු ඇති බවයි ඔහු කියා සිටියේ.
ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ හොඳම ගුවන් ගමන් පාලන සේවාව සපයන බවත් එය ආරක්ෂා කිරීමට බලධාරීන් මැදිහත් විය යුතු බවත් ගුවන් පාලකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද වැඩිදුරටත් පැවසුවා.
(neth)
