Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිනක් තුළ රන් පවුමක මිල රුපියල් 9,000කින් පහළට

4 years ago

අද (08) දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස පහළ වැටී ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් සදහන් කළේ ඊයේ (07) දිනට සාපේක්ෂව අද (08) දිනයේ කැරට් 24 රන් පවුම රු. 9,250කින් සහ කැරට් 22 රන් පවුම රු. 8,500කින් අඩු වී ඇති බවයි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.

අද රන් මිල සටහන පහතින් දැක්වේ,
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 20,920.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 167,350.00  
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 19,180.00 
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 153,450.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,310.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 146,450.00