Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

4 years ago

ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම සති දෙකක් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

“ළමයින්ගේ උත්තර පත්‍ර බැලීම ටැක්ස් එක සමග පටලවා ගන්න එපා” යයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  පළාත්  පළාත්පාලන මැතිවරණය කල් තැබීම පිළිබඳ පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.

උත්තර පත්‍ර පරික්ෂා කිරීම සති දෙකක් පහුවෙලා. එතකොට ප්‍රතිඵල නිකුත්කිරීම සති දෙකක් පහු වෙනවා. සාමාන්‍ය පෙළ මැයි මාසේ පවත්වන්න තියෙනවා. ඒකත් සති දෙකක් පහු වෙනවා. උසස් පෙළට පාසල්  විසිතුනක් වහන්න ඕන.  කොරෝනා ප්‍රශ්නෙන් අවුරුදු දෙකක් දරුවන් බැට කෑවා.

පාසල් ටික විශ්වවිද්‍යාල ටික පවත්වාගෙන යමු. මේ ප්‍රශ්න ඉදිරියේදී අඩුවේවි. ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවනම්   පෙන්වා දෙන්න. අපි ඒවා හදාගන්න සූදානම්.