මෙරට හරක්කටා නමින් ප්‍රකට පාතාල කල්ලි නායකයා සමග මැඩගස්කරයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර කුඩු සළිදු නමින් ජාවාරම් කරුගේ මව, සිය දරුවාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.
සිය දරුවාටද පසුගිය පාතාල නායක මාකදුරේ මධූෂ්ට අත් වූ ඉරණම මෙන් ඉරණමක් අත්කර දීමේ සැලසුමක් ඇති බවට තමාට දැනගන්නට ඇති බව කුඩු සළිදුගේ මව සදහන් කරයි.
රටේ නීතියට අනුව නීත්‍යනුකූලව ඕනෑම දඩුවමක් තම දරුවාට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් රටේ නීතියෙන් පිට තම දරුවාගේ ජීවිතයට අනතුරක් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද සදහන් කරයි.
තම දරුවා අපොස සාමාන්‍ය පෙළ විභාගය ඩී සම්මාන හයක්ද සමගින් සමත් වූ දක්ෂ දරුවෙක් බවත් නරක ඇසුර නිසා තම දරුවා නොමග ගිය බවත් එය තමා පිළිගන්නා බවද කුඩු සළිඳුගේ මව තවදුරටත් සදහන් කරයි.
