Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුසියානු ජනපති පුටින්ව් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක්

4 years ago

නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම ආදී යුක්‍රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ චෝදනා කිහිපයකට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වගකිව යුතු බවට චෝදනා කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ අනුව අධිකරණය විසින් පුටින්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාව වහාම අත් අඩංගුවට ගන්නා ලෙසයි.

නමුත් මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් මොස්කව් නුවරින් වාර්තා වන තොරතුරු වන්නේ අදාළ නියෝගය සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත ක්‍රියාවක් බවයි.