Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විවාහ මංගල්‍ය මරණයකින් කෙළවර වෙයි! අයෙක් මරුට! 5කට තුවාල!

4 years ago

අඟුරුවාතොට බටගොඩ හන්දියේ දී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් බටගොඩ වෙල්යායක තිබී අද අලුයම සොයාගත් බව අතට පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප්‍රදේශයේ පදිංචිව සිටී මංගල ප්‍රේමවර්ධන නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙපිරිසේම පුද්ගලයන් පස්දෙනෙකු කොළඹ, නාගොඩ හා හොරණ රෝහල් වල ප්‍රතිකාර ලබයි.

බටගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් බටගොඩ හන්දියේ දී මෙම ගැටුම හටගෙන තිබූ බව පොලිසිය කියයි.

සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

අඟුරුවාතොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.