Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළු ආයතන 340ක පාලනය අදින් පසු කොමසාරිස්වරුන් යටතට

4 years ago

පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර හතරක කාලයක් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වුව ද පසුගිය වසරේ පැවති තත්ත්වය හේතුවෙන් වසරක කාලයක් එහි නිල කාලය දීර්ඝ කෙරුණි.

කෙසේවුව ද පළාත් පාලන ආයතන නීතියට අනුව අද දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත්කර ගත යුතුව තිබේ.

එහෙත් ඡන්ද විමසීම එම දිනයට පෙර පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වේ.

ඒ අනුව මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන්ට ද පැවරීමට නියමිතය.

ප්‍රමාද වී පිහිටවනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පමණක්  නිල කාලය තවදුරටත් ක්‍රියාත්මකව පවතී.

මේ අතර නිල කාලය අවසන් වීම හේතුවෙන් සියලු පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ මන්ත්‍රීවරුන් භාවිත කරන වාහන ඇතුළු රජයේ දේපල යළි රජයට බාරදෙන ලෙස දැනුම් දී තිබේ.