Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මේ දවස්වල රස්නේ වැඩිද…මෙන්න විශේෂ දැනුවත් කිරීමක්…සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාසල් සිසු සිසුවියන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්…

4 years ago

පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරු දැරියන්ට ලබාදිය යුතු මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිකුත් කර තිබෙනවා.

අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

ඒ අනුජ, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකීම, විවේක කාලයේදී සිසුන්ට අධික හිරු එළිය සහිත එළිමහනේ කටයුතු කිරීමට ඉඩ නොදෙන ලෙස මෙන්ම, වැඩිපුර ජලය පානය සහ වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු බව නිර්දේශ කර තිබෙනවා.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරඟ හෝ පුහුණුවීම් පැවැත්වීමෙන් වළකින ලෙසද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනුම් දී තිබුණා.