Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්ට ප්‍රබල IPL කණ්ඩායමකින් ඇරයුමක්

4 years ago

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුළින්  හඳුනාගත් යොවුන් දඟ පන්දු යවන්නෙකු වන වියස්කාන්ත් විජයකාන්ත් හට 2023 අයි.පී.එල්. තරගාවලියට ඇරයුමක් ලැබී තිබෙනවා.

මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන වියස්කාත්ට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මෙම අවස්ථාව උදාකර දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් පුහුණුවීම් අතර තුර නෙට් පන්දු යවන්නෙක් ලෙස කටයුතු කිරීමටයි අවස්ථාව හිමිව ඇත්තේ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කුමාර් සංගක්කාර හා වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග කටයුතු කරනු ලබනවා.