Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IMF ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ මූල්‍ය සහනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ! මුලින්ම ලැබෙන මුදල හා දිනය මෙන්න!

4 years ago

ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව විස්තීරණ අරමුදල් පහසුකමේ අරමුණ වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධායක මණ්ඩලය විසින් SDR බිලියන 2.286 (US$ බිලියන 3ක් පමණ) විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළක් අනුමත කරන ලද බවයි සඳහන් වන්නේ.

ඒ යටතේ ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබාගත හැකිය.

එසේම මෙම පහසුකම ලැබීම හේතුවෙන් අනෙකුත් පාර්ශ්ව වලින් ද අරමුදල් සපයා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික ප්‍රධානි Masahiro Nozaki පවසන්නේ, මෙරට පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බවත්, මැතිවරණය කල් දැමීමට නිර්දේශ ලබා දී නොමැති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනය මෙන්න