Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මගීන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් හදිසියේ ගිනි ගනී

4 years ago

හොරණ රත්නපුර මාර්ගයේ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද (21) අලුයම මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම  විනාශ වී තිබේ.

ගින්න හට ගන්නා අවස්ථාවේ මගීන් 40ක් පමණ බස් රථයේ සිට අතර ගින්න හට ගැනීමත් සමගම එහි සිටි මගීන් පිටතට පැන දිවි බේරාගෙන තිබුණි.

රත්නපුර සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ බස්රථය හොරණ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට බස් නැවතුමේ නවත්වා මගීන් රැගෙන යළි ගමන් ආරම්භ කිරීමත් සමගම බස් රථයේ ඉදිරිපස කොටස ගිනි ගෙන ඇතැයි පොලීසිය පැවසීය.