Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව සම්බන්ධයෙන් ප්‍රකාශයක්

4 years ago

2022 වසරට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත වුවත් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම හේතුවෙන් එය සති දෙකකින් පමණ ප්‍රමාද විය හැකි බව අධ්‍යාපන ඇමතිවරයා අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම 2023 වසරට නියමිත උසස් පෙළ විභාගය 2022 වසරේ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර මාස 5ක පමණ කාලයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් හෝ නොවැම්බර් මාසයේ උසස් පෙළ විභාගය පැවැත්වෙනු නියමිතය.