Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවියක මතට අබ්බැහි කර දූෂණය කළ පෙම්වතා අත්අඩංගුවට

4 years ago

කොළඹ ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් ඇය අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා දූෂණය කළ බව පැවසෙන 23 හැවිරිදි තරුණයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පිහිටි පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සමඟ සමග හෝටල් කාමරයක රැඳී සිටි එම දාහත් හැවිරිදි සිසුවිය ද පොලිස් භාරයට ගත් අතර ඇය කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියකි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා කිසිදු රැකියාවක් නොකරන අයෙක් බවද පැවසේ.

තම දියණිය පාසල් ගොස් ආපසු නිවසට නොපැමිණි බව කියමින් එම සිසුවියගේ මව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

දියණිය තරුණයකු සමඟ වසර හයක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවද කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.

කොතරම් අවවාද කලත් දියණිය එම සම්බන්ධතාවය නතර කර නොමැති බවද දැරියගේ මව පොලීසියට පවසා ඇත.