Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

4 years ago

උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී IMF මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් පැවසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගනිමින් මාස හයකට වරක් විදුලිබිල ගැලපීමට කටයුතු කරන බවයි.

එමෙන්ම උද්ධමන අනුපාතය සියයට 6-4 මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද ජනපතිවරයා පවසා සිටියා.