Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මීළඟ පොලිස්පති ධූරයට පත්විය යුතු පුද්ගලයා පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගෙන් ජනපතිට නිර්දේශයක්

4 years ago

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පොලිස්පතිවරයා පිලිබදව සකච්ඡා වී ඇත.

මෙහිදී වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට සුළු සේවා දිගුවක් ලබා නොදෙන ලෙසට මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට තදින්ම ප්‍රකාශ කර ඇත.

2022 මැයි 09 සිදුවූ කලහකාරී තත්වය මර්ධනය කිරීමට කිසිදු පියවරක් පොලිස්පති චන්දන වික්‍රමරත්න නොගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙහිදී චෝදනා කර ඇත.

තවද වසන්ත කරන්නාගොඩ දයා රත්නායක හා රොෂාන් ගුණතිලක කමිටු වාර්තාවෙන්ද පොලිස්පති චන්දන වික්‍රමරත්න 2022 මැයි 09 වනදා ඇතිවූ සිද්ධීන් මැඩ පැවත්වීමට උත්සහ නොගත් බවත් පොලිස්පතිවරයා ලෙස රාජකාරී පැහැර ඇති බවටත් නිර්දේශ ලබාදී තිබේ.

මෙවන් නිර්දේශ ලබා දී තිබියදී කෙසේවත් සේවා දිගුවක් ලබා දිය නොහැකි බව අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරු පෙන්වා දී ඇත.

පොලිස්පති ධුරය සදහා නිර්දේශ වී ඇති දේශබන්ධු තෙන්න්කෝන්ට නඩු හා චෝදනා ගොනු වී ඇත්තේ නීතිය ආරක්ෂා කිරීමට යාම හා කලහකාරී පිරිස් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමේදී ඔවුන් මර්ධනය කිරීමට ගොස් නිසා බවත් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

තවද ආණ්ඩුව හා නීතිය ආරක්ෂා කිරීමට ගිය දේශබන්ධු තෙන්නකෝන් හට පොලිස්පතිධුරය නොදුනහොත් කිසිදු රාජ්‍ය සේවකයකු ආණ්ඩුව රැකගැනීමට ඉදිරිපත් නොවනු ඇති බවත් ඒ ආණ්ඩුව රැක ගන්නා රාජ්‍ය සේවකයින්ව ආණ්ඩුව බලානොගන්නා බවට වැරදි මතයක් ඔවුන් අතරට යාමෙන් බවත් මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.(lankacnews)