Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු විභාගය එරෙහිව අතුරු තහනම් නියෝගයක්! විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්!

4 years ago

ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිමේ තරග විභාගය කල් දමා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ එම තරග විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත එදිනට නොපැවැත්වෙන බවය. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මත විභාගය පැවැත්වෙන දිනය ප්‍රසිද්ධ කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) අතුරු තනහම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ, විජිත් මලල්ගොඩ, එච්. එම්. එන්. කේ. නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ ඊට එරෙහිව ඉදිරිපත්ව තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි.

උපාධිධාරීන්ගේ සංගමය පෙත්සම් ගොනුකර තිබූ අතර පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ,විභාගය පවත්වන ක්‍රියාවලිය නීත්‍යානූකූල නොවන බැවින් අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙසයි.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වනතුරු, අදාළ විභාගය පැවැත්වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.