ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන්ට විකිණුවහොත් එහි සේවකයන් තුන්දහසකට පමණ රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් ඇතැයි ටෙලිකොම් වෘත්තිය සමිති අනතුරු අඟවයි.
ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ වැඩි සේවාවන් ප්රමාණයක් මාර්ගගත ක්රමයට සිදු කළ හැකි බවත් දැනට එවැනි ඇතැම් සේවාවන් සිදු කරන්නේ සේවකයන් සිය ආයතනයට පැමිණ බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ටෙලිකොම් වෘත්තිය සමිතියේ සභාපති හේමන්ත නෙත්තිකුමාර පැවසීය.
කෙසේ වෙතත් ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන්ට නතු වූ පසු ඔවුන් සුළු සේවක පිරිසක් යොදවා මාර්ගගත ක්රමය ඔස්සේ සේවාවන් සිදු කරනු ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
යම් හෙයකින් එවැන්නක් සිදු වුවහොත් දැනට සේවයේ නියුතු සේවකයන් තුන්දහසකගේ පවුල් මහ පාරට ඇද වැටෙන බවද හෙතෙම කීවේය.

