Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රැකියාවට යාමට නිවසින් පිටව ගිය 25 හැවිරිදි අවිවාහක තරුණියගේ මළ සිරුර බෝක්කුවක් යටින් හමුවෙයි

4 years ago

රත්නපුර ප්‍රදේශයේදී තරුණියක් අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

ඥාතීන් පවසන්නේ අද උදෑසන 6.30ට පමණ සිය රැකියා ස්ථානය වෙත යාමට අදාළ තරුණිය නිවසින් පිටව ගොස් ඇති බවය.

පසුව ඇයගේ දුරකථනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි බෝක්කුවක් යට තිබියදී ඇයගේ මළ සිරුර හමුවී ඇත.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඇය මීට මාස කිහිපයකට පෙර එම අධ්‍යාපන කටයුතු අවසන් කර උපාධිය ලබා ඇත.

රත්නපුර පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.