Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළමුන් අතර වෛරස් රෝග දෙකක හා ඇස් රෝගයක සීඝ්‍ර පැතිරීමක්! වෛද්‍යවරුන්ගෙන් දෙමව්පියන්ට දැනුවත් කිරීමක්!

4 years ago

මේ දිනවල කුඩා ළමයින් අතර ඇස් රෝගයක් පැතිර යන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කෙරෙනවා.

ඇස් රතු වීම, කබ ගැලීම සහ ඇස් කැසීම එම රෝගයේ ලක්ෂණ බවයි ඒ මහතා සඳහන් කළේ.

මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.