Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රූපවාහිනී සංස්ථාවත් ඈවර වන ලකුණු! වන්දි අරන් ඉවත්වන ලෙස දන්වමින් සේවකයින්ට අයදුම්පත් බෙදයි!

4 years ago

ජාතික රුපවාහිනී සංස්ථාවේ සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අසංග ජයලත් විසින් මෙම දැනුම් දීම කර තිබෙනවා. අද දිනයේ දී විවිධ අංශ වෙත ලබා දී ඇති මෙම නිවේදනයට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අත්සන් තබා ඇත්තේ ඊයේ (28) දිනයේ යි.

නිවේදනයට අනුව 1982 සිට වසර 42ක කාලයක් රාජ්‍ය සංස්ථාවක් ලෙස පවත්වා ගෙන ආ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව මේ වන විට වෙනත් සාධක හේතුවෙන් ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දී තිබෙනවා. ඒ අනුව ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නන් සඳහා පදනම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වසර 10ක් හෝ ඊට වඩා වැඩි කාලයක සේවය කළ සේවකයන් සහ වසර 10ට වඩා අඩු කාලයක් සේවය කළ සේවකයන් ලෙසයි.

ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්ව යන සේවකයන් වෙනුවෙන් වන්දිය ලෙස යෝජනා කර ඇත්තේ අවම රු. දෙලක්ෂ පනස් දහසක් සහ උපරිම රු. ලක්ෂ 25ක් ලෙසයි. එහෙත් ඒ සඳහා ප්‍රාථමික ශ්‍රේණි, ද්විතක ශ්‍රේණි සහ මාණ්ඩලික ශ්‍රේණි ලෙස වෙන් වෙන්ව සලකා බලෙන අතර සේවා කළ කාලය සහ සේවය කිරීමට ඇති කාලයද සලකා බලෙන බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසා ඇත්තේ.

යෝජනා ක්‍රමය සංධා හිමිකම් ඇත්තේ වයස අවුරුදු 50ට අඩු සේවකයන්ට පණක් වන අතර වන්දි ගණනය කිරීමේදී වෛකල්පිත විශ්‍රාම වයස ලෙස ගණන් ගැනෙන්නේ වයස අවුදු 55 බවයි කියන්නේ.

මේ පිළිබඳව දහස් දැක්වූ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයෙකු පැවසුවේ රාජ්‍ය ආයතන පාඩු ලැබීමට සලස්වා වසා දැමීමේ ආණ්ඩුවේ උවමනාව මත ජාතික රුපවාහිනිය විකුණා දැමීමේ පළමු පියවර ලෙස මෙම විශ්‍රාම ගැන්වීම හඳුන්වා දී ඇති බවයි.

“ මේ කරන්න හදන්නේ සංස්ථාව විකුණලා දාන එක. VRS එකක් ගෙනල්ලා මෙහෙම බෙදන්න සල්ලි තියෙනවනම් කරන්න තියෙන්නේ ඒ මුදල් ආයෝජනය කරලා සංස්ථාව ගොඩ ගන්න එක. අපි සේවකයන් විදිහටත් වෘත්තීය සමිති විදිහටත් වාර ගණනාවක් පෙන්නලා දුන්නා සංස්ථාව කොහොමද ලාභ ලබන ආයතනයක් කරන්නේ කියන එක. හැබැයි අමාත්‍යාංශයයි ආයතයේ පාලන අධිකාරියයි ඒවා ගානකට ගන්නේ නැහැ.

ආණ්ඩුව ආයතන දෙසිය ගණනක් පාඩු ලබනවා කියලා විකුණන්න හදන්නේ. අපිට පෙන විදිහට රූපවාහිනී සංස්ථාවත් ඒ ගොඩට දාන්න හදන්නේ. වික්කමසිංහ ආණ්ඩුවට මේ හැර වෙන පාරක් පේන්නෙම නැහැ” යි ඔහු පවසනවා.