අපරාධකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යනවිට එයට විරෝධය පා පොලිස් කොස්තාපල්වරයෙක්ට කඩුවකින් පහර දීම හේතුවෙන් ඔහුට පොලීසියෙන් වෙඩි තබා ඇත.
වෙන්නප්පුව පේරගස් හන්දිය ප්‍රදේශයේදී පොලිසිය කල වෙඩි තැබීමකින් එම සැකකරු මරණයට පත්ව ඇති අතර කඩු ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබු කොස්තාපල්වරයා රෝහල්ගත කර ඇත.
එලෙස මියගිය පුද්ගලයා අපරාධකරුවන්ගේ ලයිස්තුවේ සිටින පුද්ගලයකු වන අතර පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාග වන නඩුවකට නොසිටීමෙන් ඔහුට වරෙන්තු නිකුත් කර ඇත.

