Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රංශ ජනපති මැක්‍රෝන්ගේ ආන්දෝලනාත්මක තීරණයට එරෙහිව ප්‍රංශ ජනයා දහස් ගණනින් වීදි බසී

4 years ago

ප්‍රංශයේ වැඩකරන ජනතාවගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ගෙන ඇති තීරණයත් සමග ප්‍රංශය තුළ විරෝධතා උත්සන්න වී තිබේ.

වීථිවලට ආ උද්ඝෝෂකයෝ මාර්ගවල ගිනිතැබීම් කරමින් සිය විරෝධය පළ කළහ.

මේ අතර සිය රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ප්‍රංශ ජනාධිපතිවරයා ලබන සතියේ චීනය බලා යාමට නියමිතය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රංශය ගිනි ගනිද්දී මැක්‍රෝන්, ලෝකයේම අවධානය දිනාගත් රාජ්‍ය නායකයා වීමට උත්සාහ දරන බවය.