Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සල්ලිවලට පොල්ල තියා සංවිධායකයින් හොරෙන්ම පැන ගිහින්! සංගීත ප්‍රසංග භූමිය එකම යුද පිටියක් බවට පත්වෙයි!

4 years ago

සංගීත ප්‍රසංගයක් සංවිධානය කර රසිකයින් රැවටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් පොළොන්නරුවෙන් වාර්තා විය.

ඊයේ (31) රාත්‍රියේ මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණි.

ප්‍රසංගයට පෙර සංවිධායකයින් විසින් දැන්වීම්වල පළ කර තිබූ ශිල්පීන් ප්‍රසංගයේදී ගීත ගායනා කිරීමට නොපැමිණි නිසා එම ස්ථානයේ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබුණි.

ප්‍රසංගයේ ටිකට් පත් රුපියල් 1,500ක මිලකට අලෙවි කර ඇත.

පසුව සංවිධායකයින් අදාළ ස්ථානයෙන් පැනගොස් තිබූ අතර සිද්ධියට මැදිවී තිබුණේ සංගීත කණ්ඩායමය.

සංගීත කණ්ඩායමට ද ගෙවීම් සිදුකර නොතිබෙන අතර ඒ බව දැනුම්දෙමින් නිවේදකයා ප්‍රසංගය ඉදිරියට කරගෙන යෑමට ප්‍රේක්ෂකයින්ගෙන් සහාය ඉල්ලීමත් සමග ප්‍රේක්ෂකයින් කලහකාරී ලෙස හැසිරී තිබේ.   

පසුව වේදිකාව මතට ගොඩවූ රසිකයන් ද සංගීත සහාය නොමැතිව ගීත ගායනා කිරීමට කටයුතු කිරීමත් සමග එම උණුසුම්කාරී තත්ත්වය වර්ධනය වී ඇත.

ඉන් අනතුරුව ප්‍රසංගය නැරඹීමට පැමිණි රසිකයින් පුටු සහ විවිධ දේවලින් වේදිකාවට පහරදීමට කටයුතු කර තිබුණි.