Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක් කාන්තාවක සමඟ එකම නිවසක ජීවත් වූ මිතුරන් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් මිය යයි

4 years ago

අනියම් කාන්තාවක් සමඟ එකම නිවසක ජීවත් වූ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක දී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් එක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිනුවන්ගොඩ, පත්තඩුවන, දේවාලවත්ත ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අද (02) දහවල් බීමත්ව සිටියදී මොවුන් දෙදෙනා අතර වෙළඳසැලක් අසලදී ආරවුලක් හටගෙන ඇති අතර,පසුව ඔවුන් පදිංචිව සිටි නිවස අසලදී එක් අයෙකු විසින් අනෙක් පුද්ගලයා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනාම කුලී වැඩ කරමින් ජීවත් වූවන් බවයි මිනුවන්ගොඩ පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙට (03) දින මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.