Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හලාවත ගින්නකින් වාහන රැසක් අළුවෙයි

4 years ago

හලාවත ජයබිම ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබේ.

පැය කිහිපයක් තිස්සේ ගොඩනැගිල්ල පුරා පැතිරී ගිය ගින්න ප්‍රදේශවාසීන් සහ හලාවත නගරසභාවේ ගිනි නිවීමේ ඒකකයේ සේවකයින් එක්ව පාලනය කර තිබේ.

ගින්න හේතුවෙන් එම ස්ථානයේ අලුත්වැඩියා සඳහා රැගෙනවිත් තිබූ වැන් රථයක්, මෝටර් රථ 03ක්, ත්‍රිරෝද රථ කිහිපයක්, යතුරුපැදියක් ඇතුළු තවත් රථවාහන කිහිපයකට දැඩි අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් සිදුව ඇති හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.