Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුණුපුරාගේ පිහි පහරින් ආච්චි හා සීයා අවසන් ගමන් යයි

4 years ago

දෙමෝදර බල්ලකෙටුව මාවෙලගම ප්‍රදේශයේ දී මුදල් ආරවුලක් මත වයෝවෘද්ධ අඹු සැමි යුවලක් තියුණු ආයුධයකින්     පහරදී ඝාතනය කර ඇතැයි බලකෙටුව පොලීසිය පවසයි.

මෙම ඝාතනය මෙම අඹුසැමි යුවළ ගේ මුණුපුරා විසින් සිදුකර ඇති බවත් ඔහු මේ වන විට  ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 75 සහ 68 යන වයස්වල පසුවන අඹුසැමි යුවළක් බවද පොලිසිය පවසයි.

සැකකාර මුණුපුරා ඊයේ (4) රාත්‍රියේ මෙම අඹු-සැමි යුවළගෙන් මුදල් ඉල්ලා ආරවුලක් ඇතිකරගෙන ඇති බවත් පසුව ඔහු තියුණු ආයුධයකින් දෙදෙනාටම පහර දී ඇති බවට තොරතුරු ලැබුණු බව පොලිසිය පවසයි.

බරපතල කැපුම් තුවාල ලැබූ අඹුසැමි යුවළ දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුලත්  පිරිමි පුද්ගලයා මියගොස් ඇති අතර,  අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කාන්තාව බදුල්ල රෝහලට ඇතුළත් කිරීමේ න් පසු ඇය ද මිය ගොස් ඇත.