Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෝඨාභය කදවුරේ සේවය කළ සෙබලෙකු අබිරහස් ලෙස මියයයි

4 years ago

මුලතිව් ගෝඨාභය නාවික හමුදා කදවුරේ සේවය කළ නාවික සෙබලෙකු රාත්‍රි කාලයේ නිදි යහනේදීම මියගොස් සිටියදී අද (17) දින සොයාගෙන තිබේ.

මුලතිව් නාවික හමුදා කදවුරේ විමර්ශන නිලධාරියෙක් ලෙස සේවය කළ මොහු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වන විට මරණයට හේතුව සොයා ගැනීම සඳහා ඔහුගේ මළ සිරුර මුලතිව් රෝහල වෙත බාර දී ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මුලතිව් පොලීසිය විසින් සිදුකරනු ලැබේ.