හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටින නිල නිවස සඳහා රුපියල් 46,000 ජල බිල්පතක් ලැබී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
ඒ අනුව එම බිල්පත් පියවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පතා තිබේ.
මෙම බිල්පත මෙතරම් ඉහළ අගයක් ගෙන ඇත්තේ මීට පෙර එම නිල නිවස භාවිතා කරන ලද අය විසින් නොගෙවන ලද බිල්පත් ගාස්තුද සහිතවයි.
මේ හේතුව මත එම ගාස්තු පියවීමට උපදෙස් අවශ්‍යයි දැනුම් දීම සිදු කර ඇත බවද වාර්තාව කියා සිටී.(lankacnews)

