Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝකයේ විශාලතම රයිනෝසරස් සත්ව ගොවිපොළ වෙන්දේසියට

4 years ago

එරට දකුණු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම රයිනෝසරස් සත්ව ගොවිපොළ වෙන්දේසි කිරීමට එහි අයිතිකරු තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 30 පුරා මෙම රයිනෝසරස් සතුන් 2000 රැක බලාගැනීම සඳහා තම ධනය සියල්ල වියදම් කළ බවද ගොවිපොළේ අයිතිකරු ජෝන් හියුම් සදහන් කරයි.

එම ගොවිපොළ අක්කර 20000ක් පුරා පැතිර තිබෙන බවත් ගොවිපොළේ රයිනෝසරස් සතුන් 2000ක් ජීවත් වන බවද අයිතිකරු ජෝන් හියුම් සදහන් කරයි.

දැන් තමාට අයිතිව තිබෙන්නේ රයිනෝසරස් සතුන් 2000 සහ ගොවිපොළ පිහිටි අක්කර 20000 ක භූමි ප්‍රමාණය පමණක් බවද 81 හැවිරිදි ජෝන් හියුම් සදහන් කරයි.

තවදුරටත් මෙම සතුන් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට නොහැකි වීම හේතුවෙන් වෙන්දේසියකදී ඉහළම ඉල්ලුම්කරුට ගොවිපොළ ලබා දීමට තීරණය කළ බවද ජෝන් හියුම් සදහන් කරයි.