Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩෙල්ෆ්ට් පංච පුද්ගල ඝාතකයා සියල්ල වමාරයි! මිනී මැරූ පිහිය සහ රන් පවුම් 26කුත් ‌සොයාගනී! බල්ලෙකුටත් පිහියෙන් ඇනලා!

4 years ago

යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේදී පුද්ගලයන් පස් දෙනකු කපා කොටා ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන පිහිය සැකකරු විසින් කළ පපොච්චාරණයකින් පසුව ඩෙල්ෆ්ට් හා ඌර්කාවතුරේ පොලිසිය විසින් අද (24) සොයාගෙන තිබේ.

සැකපිට අත්අඩංගුවේ සිටින සැකකරුගේ පෙන්වීම මත ඝාතනයන් සිදුවන අවස්ථාවේ ඔහු ඇඳ සිටි ඇඳුම්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඝාතනවලන් පසු සැකකරු ඔහුගේ ඇඳුම් සහ ඝාතනයට යොදාගත් පිහිය එම නිවෙස අසල පිහිටි ළඳකට දමා පලාගොස් සිට ඇත.

සැකකරු පිහිය ළිඳට දැමීමට යන අවස්ථාවේ ඔහුට බුරාගෙන පැන ඇති සුනඛයාටද ඔහු පිහියෙන් ඇන, ළිඳට දමා ඇත.

සැකකරු සන්තකයේ තිබී පවුම් 26ක රන් භාණ්ඩද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, ඔහු සතුව තවත් රන් භාණ්ඩ ඇති බවට පොලිසිය සැක පළකරයි.