Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැමියාගේ හොඳම මිතුරා සමග අනියම් පෙමක පැටළුණු බිරිඳක්

4 years ago

අනියම් ඇසුර දිගටම පවත්වාගෙන යාමට තම හොඳම මිතුරාගෙ ගෙල කපා මරා දැමීමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ප්‍රධාන සැකකරු හා අනුබල දුන් මිතුරාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බේ.

ආණමඩුව පොලීසිය විසින් ඊයේ (23) එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පාලියාගම නෑබඩවැව පදිංචි ප්‍රධාන සැකකරු හා එයට අනුබල ලබා දෙමින් තම විවාහක සැමියා මරා දැමීමට අනියම් සැමියාට උදව් දුන් සැකකාර බිරිඳක් ය.

එම සිද්ධියේ මිනි මැරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇත්තේ, මීගමුවේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

සත්ත්ව ගොවිපොළක් හා ගොවිතැන් කටයුතුවල නිරත සිටින ගොවියකුගේ බිරිඳ සමග රහසේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය එම සිද්ධියට මුහුණ දුන් තැනැත්තාගේ මිතුරා විසින් එම ඝාතනය කර ඉන් පසුව ඔවුන් දෙදෙනා එකට දිවි ගෙවිමට සැලසුම ක්‍රියාත්මක කර ඇති බවට තොරතුර වාර්තා වී ඇත.

අදාළ ගොවිතැන් කටයුතුවල නිරත තැනැත්තාගේ බිරිඳ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇයගේ දෙවන විවාහය ලෙස එම තැනැත්තා සමග විවාහ වී ඇති බවද වාර්තා වෙයි.

එසේම දෙවන විවාහයේ සැමියා වන තැනැත්තා සමග එකට ජීවත් වෙමින් සිටියදී එම කාන්තාව රහසේ තම සැමියාගෙ මිතුරා සමග අනියම් ඇසුරක් කලක සිට පවත්වාගෙන ගොස් ඇත.

මෙය දිගින් දිගටම පවත්වාගෙන යාම නිසා කිසියම් මොහොතක තම සැමියාට අසුවුවහොත් එය ගැටලුකාරි තත්ත්වයක් වීම මත එම සිද්ධියට අදාළ සැකකාරිය ප්‍රධාන සැකකරු සමග එක්වී එම ඝාතනය සැලසුම ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව වැලිමඩ පදිංචිකාරියක් වන මෙම කාන්තාව හා දරුවන් වැලිමඩ මව්පියන් බැලීමට යන ලෙස ගොස් සිටියදී අදාළ තැනැත්තා ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබේ.

ඒ අනුව මෙම කාන්තාව දරුවන් සමග වැලිමඩ ගොස් සිටියදී අනියම් සැමියා විසින් කලින් සැලසුම් කළ ආකාරයට මිගමුවේ පදිංචි කුලි මැරයින් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී ගොවියාව මරා දැමීමට සැලසුම් කර ඇති බව පැවසේ.

එම සැලසුම අනුව කුලි මිනීමරුවන් පසුගිය දින රාත්‍රියේ කිසිවකුටත් සැක නොසිතන ලෙස ගොවියා නිවසේ නිදා සිටියදී නිවසට ඇතුළු වී ඇත.

එසේ නිවසට ඇතුළු වු කුලි මිනීමරුවන් සමග ප්‍රධාන සැකකරුද එම නිවසට ඇතුළු වී ඇති බවත් ඒ වන විටත් තද නින්දේ සිටි මිතුරා නිදා සිටි ඇද අසලට ගොස් ඔහුගේ ගෙල කැපීමට ප්‍රධාන සැකකරු කුලි කොන්ත්‍රාත්කරුවන්ට හැකිවන ලෙස ගෙල තදින් අල්ලාගෙන ඇති බවද පරීක්ෂණවලදී සනාථ වී තිබේ.

කෙසේ නමුත් නිදා සිටි ගොවියාගෙ ගෙලට එල්ල වු දරුණු කඩු පහර වැරදි ගොස් කුලි මිනිමරන්නකුගේ දකුණු අතටද දරුණු පහරක් එල්ල වී ඇති බව වාර්තා වේ.

එයින් කුලී මිනිමරන්නාගේ ඇඟිලි සියල්ලම කැපි ගොස් ඇති අතර ගොවියාගේ ගෙලට ද කඩු පහර වැදී ඇති බව පැවසේ.

මේ සමග ගොවියා මහා විලාප තබමින් කෑගසා ඇති බවත් ඒ වන විටත් නිවසේ අනෙක් කාමරයක නිදා සිටි පෙර දින රාත්‍රියේ හදිසියේ පැමිණ තිබු ඥාතියකුට ඇසි ඔහුද එකවර නින්දෙන් අවදී වීමත් සමග මිනීමැරීමට පැමිණි අය හා ප්‍රධාන සැකකරු පළාගොස් තිබුණි.

ඒ සමග අදාළ ඥාතියා මහ හඩින් කෑගැසිමත් සමග අසල්වාසින් විසින් කඩිනමින් නිවසට පැමිණ දරුණු තුවාල ලබා සිටි ගොවියා කඩිනමින් ආණමඩුව රෝහලට රැගෙන ගොස් ඇත.

තුවාලකරු ආණමඩුව රෝහලින් හලාවත මහ රෝහලට යවා තිබු බවත් ඉන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිමට කටයුතු කර තිබේ.

මේ වන විට සිද්ධියට මුහුණ දුන් ගොවියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

නමුත් ඒ වන විටත් වැලිමඩ ප්‍රදේශයට ගොස් සිටි බිරිඳ පිළිබඳව සැක සිති කළ පරීක්ෂණවලින් අනුව සිද්ධියට සම්බන්ධ ගොවියාගේ හොඳම මිතුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමේන් පසු දිනකට පසු සිද්ධියේ සුලමුල සොයා ගැනීමට හැකිව තිබුණි.

ඒ අනුව, මෙම කුලි මිනිමරන්නන් ලෙස කොන්ත්‍රාත්තුව ලබා ගත් මිගමුව පදිංචිකරුවන් දෙදෙනා ව්‍යාජ නම් දෙකකින් රාගම මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වු පොලිස් කණ්ඩායම් සමත්ව තිබුණි.

ඒ සමගම ගොවියාගෙ බිරිඳ වැලිමඩ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබු අතර ගොවියාගෙ ගෙල කපා දැමීමට යොදා ගත් කඩු හා පිහි පාලියාම නෑබඩවැවට විසිකර තිබුයදී සොයා ගෙන තිබේ.