Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Whatsappවලට අලුත් විශේෂාංගයක්! Phone හතරකින් Log වෙන්න පුළුවන්! එන Messages බලන්නත් පුළුවන්!

4 years ago

එකම WhatsApp ගිණුමකට උපරිම දුරකතන 4කින් ලොග් වීමේ පහසුකම ඊයේ (25) සිට Meta වෙතින් හදුන්වා දී තිබෙනවා.

එය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිතිපතා ස්මාර්ට් ෆෝන් කිහිපයක් භාවිතා කරන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වන අයුරින් මෙම යාවත්කාලීන කිරීම සිදුකර තිබෙනවා.

මෙය පරිශීලකයින් බොහෝ පිරිසකගේ ඉල්ලීමක් මත සිදු කළ බවයි Meta සමාගම සඳහන් කර ඇත්තේ.

මෙසේ එකම ගිණුමකට “ලොගින් වීම” වෙබ් බ්‍රවුසර්, ටැබ් යන්ත්‍ර හෝ ඩෙක්ස්ටෝප් පරිඝණක සමඟ වට්ස්ඇප් සම්බන්ධ කරන ලෙස හා සමාන වෙනවා.

ඉදිරියේ දී මෙම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙසයි අදාළ සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇත්තේ.