අන්තර්ජාතික ක්‍රිකට් සභාව (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් මත ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඉදිරි දිනවලදී අත්හිටුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
ක්‍රිකට් පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (26) දින පෙරවරුවේ කරුණු විමසා ඇති බව වාර්තා වේ.
දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බවත් සාමාජිකත්වය තහනම් නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය (ICC)යෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.
ලගදීම ශ්‍රී ලංකාවේ (ICC) සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවහොත් ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින 2023 ලෝක කුසලාන තරගාවලිය ලංකාවට අහිමිවනු ඇත. (unusuma)

