සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය සති ගණනාවකදී කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී වී නොමැති බව වාර්තා වනවා.
මේ අනුව දිගින් දිගටම කැබිනට් රැස්වීම් මඟ නොහරින ලෙස සෙසු කැබිනට් අමාත්‍යවරුන් ද හරීන් ප්‍රනාන්දු මහතා දන්වා ඇති නමුත් එම ක්‍රියා පිළිවෙතෙහි කිසිඳු වෙනසක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
රජයේ ඉහළ පෙළේ ආරංචි පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයට ලක්ව ඇති බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නුදුරේදීම හරීන් ප්‍රනාන්දු මහතා සමඟ පෞද්ගලික මට්ටමින් සාකච්ඡාවක් පවා කැඳවනු ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

