තංගල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක් තම එක් දිනක් වයසැති බිළිදිය දරුකමට හදා ගැනීම සඳහා ඌරුබොක්ක ප්‍රදේශයේ යුවලකට විකුණා තිබෙනවා.
කෙසේ වෙතත් දරුවා සාදා ගැනීමට දුන් යුවලගෙන් නැවත මව ගොස් දරුවා ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර එහි දී දරුවා සාදා ගැනීමට ගත් නව යුවල විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ මව විසින් නව යුවලට එරෙහිව පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් දමා තිබෙනවා.
එහි දී අදාළ යුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ දරුවාගේ පියා බිරිය ගැබිණියක් වී මාසයකින් පමණ හැර යෑම නිසා දරුවාව හදා ගැනීමට නොහැකිව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිය දැනුවත් කර මෙම යුවළකට දරුවා ලබාදුන් බවයි.
දරුවා පිළිසිඳගෙන මාස පහක පමණ කාලයක සිට සායනවලට යාමට හා අනිකුත් පරික්ෂණ කටයුතු ඇතුළු සියළු වියදම් දරුවා මිලදී ගත් යුවළ දරා ඇති බවටත් දරු ප්‍රසුතිය සදහා මාතර නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ ළමයා විකිණුවේ යැයි කියන මව ඇතුළු ව සැකකරුවන් පස්දෙනක් අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලිසිය සඳහන් කරනවා.

