Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

කාන්තාවකගෙන් පොලිස් OIC ට පොලිස් ස්ථානය තුළදීම ප්‍රහාරයක්

4 years ago

කාන්තාවන් දෙදෙනෙක් අතර පොලිස් ස්ථානය තුළ දී ඇති වූ ආරවුලක් මැඩලීමට ගිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ආරක්ෂක හිස්වැසුමකින් පහර දුන් සිදුවීමක් වැලිපැන්න පොලිස් ස්ථානයෙන් වාර්තා වෙනවා.

අදාළ කාන්තාවන් දෙදෙනා පොලිස් ස්ථානයට පැමිණ ඇත්තේ පැමිණිල්ලක් විභාග කිරීම සඳහායි.

මෙම පහරදීම සම්බන්ධයෙන් මතුගම උතුම්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 වන කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවන් දෙදෙනාගෙන් පොලිස් නිළධාරියාට පහර දීමට සම්බන්ධ කාන්තාවකගේ ස්වාමි පුරුෂයා කටුපොල් වත්තක සේවයේ නිරත කම්කරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා එම වත්තෙහිම පරීක්ෂකවරයෙකු බවයි වාර්තා වී ඇත්තේ.

එම කාන්තාවගේ සැමියා දිගින් දිගටම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අදාළ පරීක්ෂකවරයා විසින් පාලනාධිකාරියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ වැඩ නතර කර ඇති අතර එය මුල්කරගෙන කම්කරුවාගේ බිරිඳ, වැඩ පරීක්ෂකවරයාගේ බිරිඳ සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩ පරීක්ෂකවරයාගේ බිරිද පොලීසියට කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට දෙපාර්ශවයම පොලිස් ස්ථානයට කැදවා තිබෙනවා.

එම අවසථාවේ පැමිණිල්ල විභාග කිරීමට පෙර ගැටුම ඇතිකරගෙන ඇති බවත්, එය මැඩලීමට උත්සාහ කළ පොලිස් පරීක්ෂකවරයාට කම්කරුවාගේ බිරිඳ පහර දුන් බවත් පොලිසිය සඳහන් කරනවා.

පහර දීමට සම්බන්ධ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හැර ඇති බවයි පොලිසිය සඳහන් කරනනේ.