සිංහල අලුත් අවුරුදු නිමාවෙන් අනතුරුව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අවස්ථා දෙකකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රහසිගත හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අප්‍රේල් 18 වනදා ජනාධිපතිවරයා මුණ ගැසී ඇති බවයි.
මෙහිදී නැවත අග්‍රාමත්‍ය ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව නිල නොවන දේශපාලන වාර්තා පෙන්වා දෙනවා.
තවද පසුගිය අප්‍රේල් 22 වනදා බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇති බව සඳහන් වනවා.
එහිදී එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව එක්ව ඉදිරියේ දේශපාලන කටයුතු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
ඊට අමතරව එළැඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලබාදීමට බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.(news19)

