Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරු ඵල නොමැති නිසා පවුල් ආරවුල දුර දිග යයි! තරුණ බිරිඳට ඉන්සියුලින් අධි මාත්‍රාවෙන් එන්නත් කර මැරීමට තැත් කළ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට!

4 years ago

ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවක් බලහත්කාරයෙන් සිය තරුණ බිරිඳට විඳ ඇයව ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බම්බලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිරුරට අධිමාත්‍රාවක් ඉන්සියුලින් විදීම නිසා සිහිසුන් තත්ත්වයේ පසුවන එම කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බබයි වාර්තා වන්නේ.

විවාහ වී කාලයක් ගතවී ඇතත් දරුවන් නොමැතිවීම නිසා බිරිඳ ,වෛද්‍යවරයා සමඟ නිතර නිතර ආරවුල් ඇතිකර ගන්නා තැනැත්තියක් බවට පොලිස් අනාවරණවලදී හෙළි වී ඇත.

වෛද්‍යවරයා නිතර නිවසට නොපැමිණෙන අයකු බවද පොලිසියට දැනගැනීමට ලැබී ඇති බව පැවසෙනවා.

මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ, දරුවන් නොමැති වීම නිසා බිරිඳ නිතර ආරවුල් ඇති කර ගැනීම මත ඇය ඝාතනය කිරීමේ අරමුණින් සැකකාර වෛද්‍යවරයා ඇයට මෙවැන්නක් කර ඇති බවයි.

අධි මාත්‍රාවකින් ඉන්සියුලින් බිරිඳගේ සිරුරට බලහත්කාරයෙන් ඇතුළු කර සිරුරේ සීනි ප්‍රතිශතය අඩු කර ඇය ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බව පෙනී යන්නේ යැයි ද පොලිස් ආරංචි ආරංචිමාර්ග පවසනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත මේ වන විට සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.