කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිට හෙරොව්පොතාන දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් A – 29 මාර්ගයේ කිවුලකඩවල ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණයෙකු සහ 09 වන ගැමුණු හේවා බලකාය 582 බල සේනා මූලස්ථානය බගවත්ත – හොරණ යුද හමුදා කඳවරුඒ සේවය කරන වයස අවුරුදු 33 වන සෙබලකු බවයි මූලික පොලිස් විමර්ශනවලදී හෙළි ව ඇත්තේ.
මෙම අනතුර ඊයේ (30) රාත්‍රී 9.50ට පමණ සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ තවත් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරොව්පතාන ප්‍රාදේශීය රෝහලට මාරුකර යවා තිබෙනවා.
මියගිය තරුණයින්ගේ සිරුරු හොරොව්පොතාන රෝහලේ මෘත ශල්‍යාගාරයේ තබා ඇති අතර අද දිනයේ දී එම සිරුරු (01)මරණකරුවන්ගේ ඥාතින්ට භාරදීමට නියමිතයි.

