Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ටෙලි නාට්‍ය 600කට අධික සංඛ්‍යාවකට රංගන දායකත්වය ලබා දුන් ජී.ආර්.පෙරේරා දිවිසැරිය නිම කරයි

4 years ago

ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිට ඇති ඒ මහතා අද (01) උදෑසන නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇත.

දශක පහකට අධික කාලයක් රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය දක්වා ඇති ජී. ආර්. පෙරේරා මහතා මියයන විට 83 වන වියේ පසුවුණි.