2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කොළඹ කණ්ඩායමේ නාමය වෙනස් වන බවට නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව Colombo Strikers නමින් මෙම නව කණ්ඩායම තරඟ වදින බවයි වාර්තා වන්නේ.
මෙම නව Colombo Strikers කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබන්නේ අමෙරිකානු Skky But Wholesale Inc නම් ව්‍යාපාරය අයත් Sagar Khanna නම් ඉන්දියනු ජාතික ව්‍යාපාරිකයෙකි.
ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Abudhabi T10 ලීගයට 2022 වසරේ මුල් වරට ක්‍රීඩා කළ New York Strikers නම් කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලැබුවා.
මේ අනුව Colombo Kings, Colombo Stars ලෙස ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම Colombo Strikers ලෙස නාමය වෙනස් වන අතර මෙලෙස නාමය වෙනස් වූ තෙවන අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.

