පාසල් උපකරණ ලබාදෙන බව පවසමින් 13 හැවිරිදි පිරිමි දරුවෙකු රවටා අපයෝජනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එගොඩඋයන පොලිසිය පවසන්නේ හිරණ ප්‍රදේශයේ 49 හැවිරිදි පුද්ගලයෙක් සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ සැකකරු එගොඩඋයන දුම්රිය ස්ථානය අසළ වෙරළ තීරයට මෙම දරුවා රැගෙන ගොස් අපයෝජනය කර ඇති බවයි මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

