සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද පදනම් විරහිත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී යුධ හමුදාව වෙතින් නෙරපන ලද අපකීර්තිමත් හමුදා සේවා කාලයක් ඇති හිටපු නිලධාරියෙකු විසින් ආරක්ෂක අමාත්‍යංශයට එල්ල කරන ලද පදනම් විරහිත චෝදනා තරයේ හෙළා දකින බව එම නිවේදනයේ දැක්වෙනවා.



