බෙලරූස් රාජ්‍යයේ ග්‍රොඩ්නෝ විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යයෙකු සිය දිවි නසාගෙන ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
තිෂාන් කුලරත්න නමැති මෙම සිසුවා එම විශ්ව විද්‍යාලයෙහි තෙවැනි වසරේ අධ්‍යාපනය ලැබූවෙක්.
දෙමව්පියන් සමඟ ඉතාම සමීප සම්බන්ධතාවයක් සහිතව සිටි මෙම සිසුවා,මව විසින් ගත් දුරකරථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇති වූ සැකය මත මව විසින් ඔහුගේ මිතුරන්ට මේ බව දන්වා තිබෙනවා.
ඒ අනුව ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු ගොස් නේවාසිකාගාරයේ ඔහු නැවතී සිටි කාමරය පරීක්ෂා කිරීමේ දී ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.(hiru)

