Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෑන් රථයෙන් පැමිණි මාරයා දිවි සරි කරගන්න මාර්ගය අසල සරුවත් විකුණු 16 හැවිරිදි දියණියගේ ජීවිතය බිලි ගනී

4 years ago

සරුවත් විකුණමින් සිටි 16 හැවිරිදි දැරියක වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය විසින් පවසනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම්ව සිට ඇති මෙම දැරිය අමතර ආදායමක් ඉපයීම සඳහා කටුනේරිය මාර්ගයේ දුම්මලදෙනිය ප්‍රදේශයේ සරුවත් විකිණීමෙහි නිරතව සිට ඇත.

අනතුර සිදුකළ 21 හැවිරිදි රියැදුරා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී බීමත්ව රිය පැදවීමේ වරදට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාස 2කට රියදුරු බලපත්‍රය අහෝසි වී ඇති අයකු බව අනාවරණය වී තිබෙනවා.

සැකකාර රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන්නේ.