Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘තට්ටු ගෙවල්’ , ‘නෝනාවරුනේ මහත්වරුනේ’ ආදී ටෙලිනාට්‍ය මගින් රසික සිත් අමන්දානන්දයට පත් කළ ඥානාංග ගුණවර්ධන දිවිසැරිය නිම කරයි

4 years ago

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥාානාංග ගුණවර්ධන මහතා අද (4) අභාවප්‍රාප්ත විය.  

කළා විභූෂණ සම්මාන ලාභී රංගන ශිල්පියෙක් වන ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවිය.

දේහය හෙට (05) උදේ 9.00 ට කොළඹ කනත්ත ඉදිරිපිට ජයරත්න මල් ශාලාවේ පහත මාලයේ තැන්පත් කර න අතර පසු දා (06) සවස 3.00 ට බොරැල්ල මහ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකෙරේ.

නාලනී ගුණවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ඥාානාංග ගුණවර්ධන මහතා යුරේන්ද්‍ර ගුණවර්ධන සහ ඉසුරුවර ගුණවර්ධන යන පුතුන් දෙදෙනාගේ සහ චතුරිකා ගුණවර්ධන දියණියගේ පියාණන් වේ.

ටෙලිනාට්‍ය දහසකට අධික සංඛ්‍යාවකට සහ චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඥාානාංග ගුණවර්ධන මහතා ‘නෝනාවරුනේ මහත්වරුනේ, තට්ටු ගෙවල් සහ පුංචි වළව්ව’ යන ටෙලිනාට්‍යවලින් විශාල ජනප්‍රියත්වයක් ලැබීය.