Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ නගරය ආශ්‍රිතව වෙසක් කලාප 6ක්! පවතින ස්ථාන මෙන්න!

4 years ago

මෙවර වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක් සහ මේ වනවිට ලියාපදිංචි කර ඇති දන්සල් සංඛයාව 125ක් බව කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාර් වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.

කොළඹ මහ නගර සභාව, බුද්ධ ශාසන අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය සහ සියලුම අමාත්‍යාංශ මෙන්ම ආයතන එක්ව විශේෂ වෙසක් පූජොත්සව වැඩසටහනක් කොළඹ නගරය පුරා ක්‍රියාත්මක කිරීමට මේ වන විට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවත් බුද්ධි රශ්මි වෙසක් කලාපය, වාළුකාරාමය වෙසක් කළාපය, බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපය, පුරහල ආශ්‍රිත වෙසක් කලාපය, වරාය අධිකාරිය ආශ්‍රිත වෙසක් කලාපය සහ නිදහස් චතුරස්‍රය අවට වෙසක් කලාප ආදි වශයෙන් කොළඹ නගරය ආශ්‍රිතව වෙසක් කලාප 6ක් පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කරයි.