Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙසක් බලන්න යන්න විශේෂ බස් සේවාවක්

4 years ago

දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද සිල්වා මහතා පැවසුවේ වෙසක් සතිය තුළ උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවය.

එමෙන්ම වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමානාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේය.

වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සිදුකරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසීය.