Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දන්සැල්වලින් කන්නේ බලාගෙනයි! මහජන සෞඛ්‍ය පරීක්ෂ්කවරුන්ගෙන් දැනුම්දීමක්!

4 years ago

වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000ක් පමණ ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමය සඳහන් කළේ ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන් ද සොයාබැලීමට කටයුතු කරන බවයි.

මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක දන්සැල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000ක් පමණ යොදවා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දන්සැල් ආශ්‍රිතව පාචනය වැනි රෝග පැතිරයාමේ හැකියාව වර්ධනය වී ඇති බවයි එම සංගමය පැවසුවේ.

ඒ, අනුව ඒ පිළිබඳව දැඩි අවදානයකින් කටයුතු කරන ලෙස එම සංගමය මහජනතාවට දැනුම් දෙනවා.