Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු ස්ථාන මාරු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

4 years ago

වසර 10කට වැඩියෙන් එකම පාසලේ සේවය කළ ගුරුවරුන් ස්ථාන මාරු කිරීමට පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් ස්ථාන මාරු ලැබූ ගුරුවරුන් ඇතැම් පාසල්වලින් භාර නොගන්නා බවට මේ වනවිට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවත් එලෙස ස්ථාන මාරු නියෝග යටතේ පාසල්වලින් නිදහස් කළ සියලු ගුරුවරුන් ස්ථාන මාරු ලැබූ පාසලේ විදුහල්පතිවරයා විසින් භාර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ පිළිබඳ උපදෙස් ඇතුළත් ලිපියක්ද විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කරුණු මුල් කර ගනිමින් ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කිරීමට නොහැකි ගුරුවරුන්ගෙන් අභියාචනා භාර ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙන අතර ඒ පිළිබඳ අධ්‍යයනයට කමිටුවක් ද පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.